I phone 7 plus
Description
2026.11.12 (බ්‍රහස්පතින්දා) දිනයේදී මාගේ පෞද්ගලික ජංගම දුරකථනය සොරකම් කර ඇත. ඊයේ දිනයේදී මා කුරුවිට සිට අලුයම 5.15ට පමණ රත්නපුර කොළඹ (122) බස් රථයක පැරඩයිස් බස් නැවතුමේ සිට නුගේගොඩ බලා පැමිණි අතර මහරගමදී බස් රථයේ ඇතිවූ ගැටලුවක් මත මඟීන් සියලු දෙනා 138 බස් රථයකට මහරගම බස් නැවතුමේදී මාරු කරන ලදී. පසුව මහරගම සිට නුගේගොඩ දක්වා 138 බස් රථයේ පැමිණි අතර දුරකථනය මාගේ බෑග් එක තුළ තිබුනද නුගේගොඩ බස් නැවතුමෙන් බැස බැලූ විට දුරකථනය බෑගය තුළ නොවීය.
එය apple 7+ වර්ගයේ කලු පැහැති දුරකථනයක් වන අතර කලු පැහැති back cover එකක් සමඟ විය.
දුරකථනයේ අවුරුදු ගණනාවක් තිස්සේ මා විසින් එක්රැස් කරන ලද ලිපිලේඛන, විශ්වවිද්‍යාලයේ සියලුම වැදගත් තොරතුරු සහ විභාග කටයුතු හා සම්බන්ධ සියලුම ලේඛන ද විය. දුරකථනය දුටු අයෙක් වේ නම් කාරුණිකව ඒ පිළිබඳ දැනුම් දෙන ලෙස ඉල්ලා සිටිමි. හැකි තාක් මෙම පණිවිඩය share කරන ලෙසද කාරුණිකව ඉල්ලා සිටිමි.
දුරකථනයේ lock screen එකේ තිබූ ජායාරූපය මෙහි වේ.
Unlock කිරීමට හෝ වෙනත් මොනයම් හේතුවකට හෝ මෙම දුරකථනය phone repair shop එකක් වෙත ලැබුණහොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි. 🙏
0765886626
Stay safe: meet in a public place, ask for details only the owner would know, and never send money in advance.